සියලුම වසර කණ්ඩායම් සහ ආදි කණ්ඩායම් නියෝජිත වරුනි


ඔබ සියලු දෙනා මේ වන විටත් දැනුවත්ව ඇති පරිදි අප විද්‍යාලයේ නව විදුහල්පති තුමන් ලෙස කීර්තිමත් ආදි ශිෂ්‍ය 2003 වසර කණ්ඩායමේ කසුන් ගුණරත්න මහත්මා හෙට දින වැඩ භාරගැනීමට නියමිතව ඇත. එතුමන්ට සමස්ත ආදි ශිෂ්‍යයන්ගේ සුභාශිංශන මෙසේ පුද කරමු. එසේම හෙට උදෑසන ඉතාමත්ම චාම් කෙටි උත්සවයක් පැවැත්වීමට නියමිතව ඇති අතර මේ සඳහා ආදි ශිෂ්‍යයන් කිහිප දෙනෙකු පමණක් සහභාගී වනු ඇත. නමුත් ඔබ සියලු දෙනාටම නව විදුහල්පති තුමා සමග පිළිසඳරක යෙදීමට ඉතාමත් කෙටි කාලයකින් අවස්ථාව උදාකර දීමට අපගේ සූදානමක් ඇත.

එසේම බණ්ඩාරනායක විද්‍යාලයට නව පරිච්ඡේදයක් එක් කරමින් එතුමා විදුහල්පති තනතුරෙහි වැඩ බාර ගන්නේ වසර 105ක ඉතිහාසයෙහි දෙවන ආදිශිෂ්‍ය විදුහල්පතිතුමා ලෙසයි.

ඉතින් හෙට දින සිට මේ පින්බිමට නායකත්වය ලබාදෙන අපේ කසුන් ගුණරත්න සර්ට අපි හැමෝගෙම ශක්තිය සහ සුභාශිංසන මෙසේ පිරිනමමු.

සචිත්‍ර මිලන් ප්‍රභා
විධායක ලේකම්
ආදි ශිෂ්‍ය සංගමය