පුංචි නායකවරුන් සඳහා නැණ පහන ශිෂ්‍යාධාර වැඩසටහන පුළුල් කිරීම


බාධක කම්කටලු මැද ජීවිතය දිනන්නට අරගල කරන පුංචි නායකවරුන්ගේ හෙට දවස වෙනුවෙන් විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය ක්‍රියාත්මක කරන නැණ පහන ශිෂ්‍යාධාර වැඩසටහන තවදුරටත් පුළුල් කරමින්, පුංචි නායකවරුන් 30 දෙනෙකුට මාසිකව රු. 7,500/- බැගින් ප්‍රදානය කිරීමට කටයුතු සම්පාදනය කර ඇත.

මෙම වැඩසටහන සමගින් අත්වැල් බැඳගැනීමට කැමති ආදී බණ්ඩාරනායකවරුන්ට අපත් සමග සම්බන්ධ විය හැක. අමතර විස්තර සඳහා පහත අංක අමතා සම්බන්ධ වන්න.

මෙය බණ්ඩාරනායක විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සත්කාරයකි.