Helping Hands by Nayakenz


පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයාම් නිසා දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම වාර්තා වූ අතිමහත් විනාශ ගැන ඔබ අප සැවොම මේ වනවිටත් දැනුවත්ව ඇත. දැඩිලෙස අලාභහානී වූ දිවයිනේ පාසල් අතරට ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙණියාව ප්‍රදේශයේ පිහිටි දියගම්පල ප්‍රාථමික විද්‍යාලයද අයත්ව ඇත.

එම පාසල යළි නවීකරණය කර එලඹෙන පාසල් වාරයේ සිට සුපුරුදු අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාමට උචිත පරිසරයක් ඇති කිරීමේ උදාර චේතනාව පෙරදැරිව, වගකිවයුතු ආදිශිෂ්‍ය සංගමයක් ලෙස ඒ සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය තීරණය කර ඇත.

මේ සදහා අත්වැල් බැදගනිමින් ඔබටද මෙම අමිල මෙහෙවර සදහා දායකත්වය ලබාදීම සිදුකළ හැක.

කරුණාකර සොහාන් අනුහස් (0761159735) මහතා අමතා වැඩි විස්තර විමසන්න. නැතිනම් පහත සබැඳිය ඔස්සේ පිවිසෙන්න.
https://www.bcoba.lk/HelpingHands/

ඔබගේ වටිනා පරිත්‍යාගය මෙම ගිණුම වෙත සෘජුව ලබාදීම සිදුකල හැක.

සංගමයේ නිළ බැංකු ගිණුම:
බැංකුව : NDB
ශාඛාව : Gampaha (7214-029)
ගිණුමේ නම : Past Pupils Association Bandaranayake College Gampaha
ගිණුම් අංකය :111000255827

එන්න, අප හා අත්වැල් බැදගනිමු - පිපෙන්නට වෙර දරන සොඳුරු මල් ගොමුවකට ජීවයක් දෙන්නට